ලක්ෂ 240ක් වටිනා විදෙස් මුදලුත් රාජසන්තකයි ලක්ෂ 3ි1ක දඩයක් ගෙවීමටත් නියෝග


රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂයක් වටිනා විදේශ මුදල් තොගයක් රේගුවට ප්‍රකාශ නොකර නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව වෙත රැගෙන යාමට තැත් කළ ගුවන් මගියෙකු 04/11 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී , රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු මීගමුව කඩොල්කැළේ ප්‍රදේශයේ පදිංච් 52 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

ඔහු 04/11 දින අලුයම 01.07 ට සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 308 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

එහිදී මොහුගේ ගමන් මල්ලේ විදේශීය මුදල් තොගයක් සගවා ගෙන සිටින බව ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් හට නිරීක්ෂණය වීමෙන් පසු , ඒ බැව් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත දැනුම් දීමට පියවර ගෙන තිබුණි'

ඉන්පසුව රේගු නිලධාරීන් මොහු අත් අඩංගුවට ගෙන , ඔහුගේ ගමන් බෑගය පරීක්ෂා කිරීමේ දී , ඒ තුළ යූරෝ 41,000 ක් , කැනේඩියානු ඩොලර් 40,000 ක් , ස්විස් ෆ්‍රෑන්ක් 15,000 ක් , සෞදි රියාල් 3,500 ක් සහ ශ්‍රී ලංකා රුපියල් 40 ලක්ෂයක් තිබී සොයා ගෙන තිබේ .

පසුව මේ පිළිබද විධිමත් රේගු පරීක්ෂණය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ තුෂාර විජේසේන මහතා විසින් පැවැත් වූ අතර , එහිදී මෙම ගුවන් මගියා රැගෙන යාමට තැත් කළ මුදල් සියල්ල රාජසන්තක කර ඔහුට රුපියල් තිස් එක් ලක්ෂ හැත්තෑ හය දහස් අට සීයක (31,76,800 ) දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබුණි.

 



Recommended Articles